Colombo Today Local News

රට අස්ථාවර කරන්න එපා! මල්වතු මහ නායක හිමි

රටේ ව්‍යාකූලත්වයක් හා අස්ථාවරත්වයක් ඇති නොවන සේ රාජ්‍ය පාලනය, මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බව මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් ලිපියක් මඟින් ජනාධිපති සහ අගමැති වෙත දැනුම් දී ඇත.

මල්වතු මහ නාහිමියන්ගේ අස්සනින් යුතුව පෙබරවාරි මස 15 වැනි දින ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
වර්ෂ 2018 පෙබරවාරි මස 10 වැනි දින පැවති ප්‍රාදේශීය සභා, මහනගර සභා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශනයෙන් පසු රටේ උද්ගත වෙමින් පවතින ව්‍යාකූල, අස්ථාවර, අවිනිශ්චිත ස්වභාවය ජනතාවගේ අභිවෘද්ධිය හා යහපැවැත්ම මෙන්ම සමඟිය, සාමදානය හා සහජීවනයට බලවත් බාධාවකි. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑමෙන් රාජ්‍ය පාලනයේ බිඳ වැටීම හා ආර්ථික පරිහානියද ළඟා කර දෙයි.

මේ තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමුකොට දැන්වත් 2015 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේදී ජනතාව ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අනලස්ව කටයුතු කළ යුතුව ඇත. විශේෂයෙන් අපේ ගම් දනව්වල ගොවි, කම්කරු හා මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන බර හා ගැටලු විසඳීමට කටයුතු කිරීම හා ජාතික, ආගමික, සංස්කෘතික හා ආර්ථික අභිවර්ධනය මෙන්ම සාමය සමාදානය ඇති කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුව පවතී.

එබැවින් රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාව ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට යත්න දැරීම වඩාත් සුදුසු බව කරුණාවෙන් සිහිපත් කර සිටිම්හ

Related posts

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

විහාරස්ථානයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියාට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

colombotoday

ශ්‍රී ලංකාවට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සැකසීම NGO ඒජන්තයෙක් අතට !

colombotoday

තේ වලට සුදුසු වෙනම පොහොරක්

colombotoday

“ඔළුවේ මෝටාර් කෑල්ලක්‌ නිල ඇඳුමේ රණශූර පදක්‌කමක්‌ තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා” රණවිරු සුනිල් රත්නායක

colombotoday

මාධ්‍ය මගින් අපහාස වුණොත් පොලීසියට කියන්න එපා.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday