Colombo Today Local News

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

අද (01)දිනයේ සිට ලබන 28 දක්වා අඛණ්ඩ විරෝධතා මාසයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා සදහන් කරන්නේ, බදු ඉහළ දැමීමත් සමග ජීවන වියදම ඉහළ යාම මෙන්ම ඖෂධ හිඟයට විරෝධය පළ කරමින් මෙම විරෝධතා මාසය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සෑම රෝහලක් ඉදිරිපිටම දහවල් කෑම පැයේ විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු පවසයි.

මේ අතර අසාධාරණ බදු අය කිරීම හා ආර්ථික ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයින් රැසක් රට හැරයමින් සිටින බව වෘත්තීයවේදීන් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ, පසුගිය වසර ආරම්භයේ සිට මේ දක්වා වෛද්‍යවරු 1000 කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු 50 කට අධික සංඛ්‍යවක් පසුගිය වසරේ විදේශ රැකියා සඳහා යොමු වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පවසයි.

Related posts

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

colombotoday

ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

colombotoday

“ජෝජ් සොරෙස්: ලෝකෙම කාපු කම්බා හොරෙක්” ජවිපෙ සගයෝ අගමැතිගේ සුපිරි ආයෝජකයාව පතුරු අරී

colombotoday

මම රැකගත්තා.. මහින්ද විනාශ කළා!

colombotoday

සිසුන් මත් කරන පානයක් ඇමැති අනුහසින් කරළියට – තත්ත්ව සහතිකය දීමට සුරාබදු පස්ස ගහයි

colombotoday