Colombo Today Local News

තමන්ගෙ ආසනේ දිනන්න බැරි, පිංඇමති එස්.බී දිසානායකට බෑ එජාපය දියකරන්න – දිලිප් වෙදආරච්චි

“එස්.බී දිසානායක ඇතුළු පිං ඇමතිවරු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය දිය කරන්න උත්සාහ ගන්නවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පක්ෂයක්. මහාමාන්‍ය ඩී.එස් සේනානයක වැනි යුග පුරුෂයන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය නැති කරන්න තමන්ගෙ ආසනේ දිනා ගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු උත්සාහ ගන්නවානම් ඒක ඒ තරම් පහසු කාර්යක් නොවන බව පිංඇමතිවරු සිහිතබා ගත යුතුයි” යැයි රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (16) තංගල්ලේදී පැවසීය.

“ජනාධිපති අද ආණ්ඩුව සුද්ධ කරන්න කථා කරනවා. එතුමාට තමන් ගේ පක්ෂය සුද්ධ කර ගන්න මේ වන තුරුත් බැරි වුණා. ජනාධිපති තුමා ඔය ජනාධිපති පුටුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය නිසයි. ආණ්ඩුව සුද්ධ කරන්නට කලියෙන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කර ගත්තොත් හොඳයි” යැයි රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

‘‘මම විශ්වාස කරනවා.ආණ්ඩුව සුද්ධ කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා කර ගනියි. දිගින් දිගටම අපේ පක්ෂයට කෙනෙහිලි කම් කළොත් මේ මැතිවරණයෙන් පසුව එක්සත් ජාති පක්ෂ ආණ්ඩුවක් බිහිවීමේ ඉඩකඩ වැඩි බව අපි සුද්ධ කරන්න එන අයට කියනවා‘‘ යැයි ද ඔහු පැවසීය.

Related posts

රට පුරා තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම්

colombotoday

කාලෝට අවමගුල් උලෙළක් නෑ, දේහය වෛද්‍ය විද්‍යාලයට !

colombotoday

‘මහානාහිමිවරුන්ගේ නියෝජනය 62 ලක්ෂය ඉක්මවා යන්නක්’ – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

colombotoday

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

Admin

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday