Colombo Today Local News

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

බිරිදට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කල සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු කාන්තාවගේ වසර 14 කට පසු සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශයේ පොලිස් නිලධාරින් ඊයේ (22) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

2007 වසරේ සැකකාර සැමියා තලවකැලේ තැපැල් කාර්යාලයේ සේවය කර ඇති අතර , ඔහු තලවකැලේ වටගොඩ වත්තේ එවකට පදිංචිව සිට ඇත.

මෙසේ පොල්ලකින් පහර දි ඝාතනය කර ඇත්තේ ජෙස්මින් රංජනි නැමති (49) හැවිරිදි දෙදරු මවකි.

බිරිද ඝාතනය කිරිමෙන් අනතුරුව සැකකරු ඇඹිලිපිටිය තුංගම ප්‍රදේශයට ගොස් පදිංචි වි සිටියදි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන පොලිස් නිලධාරි කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් 74 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අද (23) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2009 වසරේ කල නියෝගයක් මත ඝාතනය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශය විසින් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශයේ ජෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්ත ඩි සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ එම පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

Related posts

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday

ඇමෙරිකානු නීතිය ගෝඨාට බලපායිද?

colombotoday

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ජිනීවා මානව හිමිකම් සමුළුවේ කතා බහට

colombotoday

ජවිපෙ – දෙමළ සන්ධාන හවුල් ආණ්ඩුවක් !!

colombotoday

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

colombotoday

ගමන් බෑගයේ කාන්තා මළ සිරුර ගැන සොයද්දී අතුරුදන් වූ තවත් කාන්තාවන් 1500ක් ගැන තොරතුරු

colombotoday