Colombo Today Local News

දෙහිවල ගොඩනැඟිල්ලකින් අත්බෝම්බයක් හමු වෙයි

දෙහිවල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක තිබී අද (06) උදෑසන අත්බෝම්බයක් හමු ව ඇති බව පොලීසිය පවසයි.

දෙහිවල පොලිස් වසමේ අංක 124, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල ලිපිනයේ අඩක් ඉදිකර අතහැර දමා ඇති මහල් 11කින් සමන්විත ගොඩනැගිල්ලේ 05 වැනි මහලේ මෙම අත්බෝම්බය තිබී ඇති බව වාර්තා වේ.

නිල් පැහැති පොලිතින් බෑගයක බහාලන ලද අත්බෝම්බයක් වැනි යමක් ඇති බවට එහි ආරක්ෂක නිලධාරියා විසින් දෙහිවල පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව, පොලීසිය විසින් සිදු කළ විමර්ශනයකින් පසු එය අත්බෝම්බයක් බව හෙළි වී ඇත.

පසුව ඒ සම්බන්ධව දෙහිවල පොලිස් ස්ථානය විසින් බෝම්බ නිෂ්ක්‍රීය අංශය දැනුම්වත් කරනු ලැබීමෙන් අනතුරු ව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් අත්බෝම්බය රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මධුෂ් සමග හසුවූ රයන් වෑන් රෝයි ඇතුළු 5ක් පිටුවහල් කරයි.. කටුනායකදී අත්අඩංගුවට…

colombotoday

නව පොලිස්පති වැඩ භාර ගනී

Admin

කර්නල්ට උපහාර දැක්වීම හෙළා දකිනවා.. කොටි සාමාජිකයන්ට කළ ද්‍රෝහිකමක් – ශිවාජිලිංගම් කියයි

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරීමට මූලික සැලසුම් සකස් කරන්නට කමිටුවක්

colombotoday

“ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න”

colombotoday