Colombo Today Local News

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

රජයේ පාසල්වල අධ්‍යාපන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියට සහ උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියට ගෙන ඒමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව දරුවකුගේ පාසල් අධ්‍යාපන වයස අවුරුදු 17 දී අවසන් වන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පාසල පාදක කරගත් ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක සහ විභාගයෙන් යම් ප්‍රතිශතයක් ලෙස ලකුණු දීමේ ක්‍රමවේදයකට ගෙන ඒමින් ශිෂ්‍යත්ව විභාගය සරළ කර තරගකාරීත්වය අවම කිරීමට ද යෝජනා කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට සහ එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට නියමිතය.

Related posts

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday

“සිංහලේ” ගැන තානාපති කාර්යාලත් කැළබෙයි !

colombotoday

ඇඳිරිනීතිය පිළිබඳව නිකුත් කල නවතම නිවේදනය

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday

හෙට සි​ට සඳුදා අලුයම 4 තෙක් දිවයින පුරා සංචරණ සීමා

colombotoday