මහව උක්වත්තේගම ප්රදේශයේ පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 57 හැවිරිදි මැදගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එම පුද්ගලයා උක්වත්තේගම ප්රදේශයේ කුකුළු ගොවිපොළක් රැකබලා ගැනීමේ නිරතව සිටින අතර, ගොවිපොළට බල්ලන් ඇතුළුවීම වැළැක්වීමට අදිනලද විදුලි රැහැනක් එම පුද්ගලයාගේ පාදයේ පැටලීමෙන් විදුලිසැර වැදී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩිදුර විමර්ශන පවසයි.