Colombo Today Local News

පොදු ප්‍රවාහන සේවයට වාහන ආනයනයත් අත්හිටුවයි

    පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයත් අත්හිටුවා තිබේ.

    එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය ද අවසන් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

    අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ඒ අනුව මේ වනවිට කිසිදු වාහනයක් ආනයනයට අවසරයක් නොමැත.

    වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය, විශේෂ කමිටුවක් පත් කර තිබුණි.

    වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

    Related posts

    මහින්දානන්ද දෙවැනි දිනටත් එෆ්.සී.අයි.ඩී. ඇවිත් නෑ

    colombotoday

    ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්, ප්‍රබල ඇමති පිටුපසින්“ පොලිස්පතිට පැමිණිලි

    colombotoday

    වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

    Admin

    සුදා අත්අඩංගුවට

    colombotoday

    CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

    colombotoday

    ලකුණු 155 කින් ලංකාවට ජය

    Admin