Colombo Today Local News

“මේ කරන්න යන්නේ, අණ පනත් ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක්”

අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවැනි කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා අද(18) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, මේ ක්‍රියාත්මක වන්නේ, ජනතාවගේ හඬට සවන් නොදී බලහත්කාරයෙන් අණපනත් නීතී ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක් බවයි.

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීම සඳහා ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ කැඳවා ඇති විශේෂ පක්ෂ නායක රැස්වීම පිළිබඳ ප්‍රශ්න කරමින් විපක්ෂ නායකවරයා විමසා සිටියේ, විධායකට මෙලෙස ව්‍යවස්ථාදායකයේ කටයුතු සඳහා මැදිහත්වීමේ හැකියාවක් පවතී ද යන්නයි.

”විධායකයට මේ විදිහට ව්‍යවස්ථාදායකයේ ක්‍රියාවලියට ඇඟිලිගන්න පුළුවන් ද?”

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇත්තේ, අද පස්වරුවේ පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්විම අවලංගු කරමිනි.

කුමන්ත්‍රණයෙන් හවුල්කරුවෙකු නොවන ලෙස මෙහිදී විපක්ෂ නායකවරයා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේ ය.

Related posts

බලශක්ති ඇමති උපාධියත් අරගෙන සී.අයි.ඩී යයි

Admin

සිංහල පොලිසිය ශ්‍රී ලාංකික පොලිසිය විය යුතුයි.. උතුරේ  දමිල තරුණයින් වැඩි වැඩියෙන් පොලිසියට එක්විය යුතුයි

colombotoday

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

colombotoday

අන්තවාදී මුස්ලිම් සංවිධාන 3ක් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් “මර්චන්ට් වාට්ටුවට” මාරු කරයි

colombotoday