Colombo Today Local News

කතක් නිවස තුළ මරා දාලා…

කිරිඳිවැල පොලිස් වසමේ මිවිටිගම්මන, ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුව තිබේ.

කිරිඳිවැල පොලිස් ස්ථානයට මේ පිළිබඳ ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.

මියගිය කාන්තාව සිය දරුවා, ඇයගේ ස්වාමිපුර්ෂයාගේ මව සහ පියා සමග එම නිවෙස් පදිංචිව සිට ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 35ක් වන කාන්තාවකි.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදෙස්ගත වූ අයෙක් බව ද වාර්තා වේ.

මියගිය කාන්තාව නිවසේ තුළ තනිව සිටින අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

“රැවිටිලි කාරයා මහින්දයි… ආයෙත් අපෙන් සමාවක් නෑ..”- පියසේන ගමගේ

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආ බවට සැක අයෙක් අත්අඩංගුවට

colombotoday

හෙරොයින් කිලෝ 3ක් සමග පෙදරේරුවෙක් අල්ලයි

colombotoday

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

colombotoday

“හිරුණිකාට එක නීතියක්.. අපේ හාමුදුරුවන්ට තව නීතියක්.. ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – හිටපු ජනපති

colombotoday

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin