Colombo Today Local News

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

මේ සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද (07)දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට (08)දිනයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා (09)දින සබරගමුව විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

මීට අමතරව මේ සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබේ.

Related posts

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

පාර්ලිමේන්තු සේවකයන් සී.අයි.ඩී ගෙන්වා බිය කිරීමේ සූදානමක්

Admin

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday

“කාගෙත් පෙම්වතී හකීම්, ආණ්ඩුවේ ‍ලොක්කන්ගෙන් ගත් මුදල් මැලේෂියා බැංකුවල” – සාලිගෙන් හෙළිදරව්වක්

colombotoday

සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

බැදුම්කර මගඩියට සුදු හුණු ගාන එජාප ඇමතිලාට අර්ජුන්ගෙන් රට සවාරි !

colombotoday