Colombo Today Local News

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

වංචා වැලැක්වීමේ ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2022 අංක 29 දරන අන්තිම කැමති පත්‍ර සංශෝධන පනතට සහ 2002 අංක 31 දරණ නොතාරිස් සංශෝධන පනතට හඳුන්වා දෙන ලද සංශෝධන වලට අනුකූලව 2022 අංක 30 දරණ පනත මගින් වංචා වැලැක්වීමේ ආඥා පනත සංශෝධනය කරනු ලැබ ඇතැයි රජය පවසයි.

වංචා වැළැක්වීමේ ආඥා පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසර ලැබී ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

කුකුළු ගොවිපොළක ගින්නක්

colombotoday

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

මන්නා පිහියකින් පියාට පහරදෙන්න ආ පුද්ගලයා ව පුතා ඝාතනය කරයි

colombotoday

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday

පරිපාලන නිලධාරිනියක් පිහි ඇනුමකින් මරුට

colombotoday

බියවැද්දීම්වලට අපි බය නෑ… ඕනනම් හැප්පිලා බලමු – රජයේ වෙදැදුරෝ CEPA විරෝධය ගිණියම් කරයි

colombotoday