Colombo Today Local News

විමල් හූනු සාත්තරයක් කියයි

රනිල් වික්‍රමසිංහ මහතා මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (28)දින පැවසීය.

“කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ” යැයිද ඔහු සඳහන් කළේය

ඔහු ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් ලබාගෙන ඉදිරි කාලය වැජඹීමට බලාවි යැයිද මන්ත්‍රීවරයා කීය.

ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දැන් ගොඩක් සිටින බවත් පඳුරකට ගැහුවොත් හැටක් විතර සිටින බවත් වීරවංශ මහතා කීය.

ජනාධිපති පුටුවට ගිය පසු ඔහුගේ සියලු කටයුතු අවසන් වන හෙයින් එතනින් එහාට මේ රටේ අනාගතය ගැන ඔහුට වගකීමක් නැතැයිද අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන නොහිතන නායකයෙකු අත යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

“අද මේ රට පාලනය කරන්නේ දෙමළ බෙදුම්වාදයේ වහල්ලු” – රට බෙදන උතුරේ යෝජනා ගැන විමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday

නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයි

Admin

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday

යහපාලන වේදිකාවේ පට්ට ගැසූ මහින්දගේ සීෂෙල්ස් බැංකු ගිණුමේ ඇත්ත හෙළිවෙයි

colombotoday

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

colombotoday