නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු ඒ බව පැවසීය.
දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන මහතාව සඳහන් කළේය.