Colombo Today Local News

“මා දන්නා විග්නේෂ්වරන් ජාතිවාදියෙක් නොවේ..“ – මහින්ද

vigneshvaran-mahinda

උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ජාතිවාදියකු යැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

“මම දන්න මහ ඇමතිතුමා නම් ජාතිවාදියෙක් කියලා මම හිතන්නේ නැහැ. ඔහු කරන්නේ දේශපාලනය. ඔහුට ප්‍රතිඵල පෙන්වන්න බැහැ. මේ ආණ්ඩුවටත් ප්‍රතිඵල පෙන්වන්න බැහැ,” දෙමළ ජනමාධ්‍යවේදීන් හා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“ළමයින්ට රස්සාවක් දීලා තියෙනවද? ඒවාට උත්තර නැහැ. ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න ‘ජාතිවාදය’ හරි මොනවහරි අටව ගෙන.”

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමා විරුද්ධ නැති බවත් තමන් විරුද්ධ දේශපාලනික වශයෙන් රජය අධිකරණයට ඇඟිලි ගසා ඔවුන් නිදහස් කිරීම පිළිබඳව පමණක් බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා පවසයි.

නාමලුත් කැමතියි

“අපිට මෙයාල නිදහස් කරත් එකයි. නාමල් හිරේ ගිහිල්ලා ඇවිල්ලා එයාලත් එක්ක ඉඳල මට කිව්වා ඇයි මේ කට්ටියට නිදහස ලැබෙන්නේ නැත්තේ කියලා. එයාටත් මම කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අධිකරණයක් ඉස්සරහ මේ නඩු තියෙන එක කියලා,” ඔහු පැවසීය.

“ඒවා ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් ඕන නම් ඉල්ලා අස් කර ගන්න. එහෙම නැත්නම් ඒවා ඉක්මන් කරන්න ඒ කට්ටියට පුළුවන්.”

තමන් බලයේ සිටියදී දෙමළ සිරකරුවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ නීතිවේදීන් ඉල්ලීම් කළ බවත් හිටපු ජනාධිපතිවරයා දෙමළ මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

නිදහසට බාධාව නඩු

ඒ අනුව ඔවුන් උසාවියට ඉදිරිපත් කළ බවත් එසේ නොකලේ නම් එම සිරකරුවන්ද මේ වන විට නිදහස්ව සිටීමට ඉඩ තිබුණු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

‘උසාවියේ චෝදනා තියනවනේ. ඒක ඉවර වෙනකම් අපට කතා කරන්න බැහැ. නැත්නම් එයාලට ඒ කාලේම යන්න තිබුණා. මොකද ඊට වඩා චෝදනා තිබුණු අය පුනරුත්තාපනය කරලා එළියට ගිහිල්ලා තියෙනවනෙ’

තමන්ට බලය අහිමි වූවාට පසු උතුරේ සංවර්ධනය සම්පුර්ණයෙන් ඇණහිට තිබෙන බව පවසන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, උතුරේ ජනතාවගේ ගැටළු විසඳීමටද ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් අවධාරණය කළේය.

“අපි විතර කවුරුවත් ඒ මිනිස්සු ගැන බැලුවේ නැහැ. මේ ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ,” ඔහු ප්‍රශ්න කරයි.|

නිවැරදි තීන්දුවක්

‘ආණ්ඩුව හමුදාව ඉවත් කරනවා කියනවා. මම දන්නේ නැහැ කොච්චර ඉවත් කරලද කියලා. හැබැයි මට කියන්න එක දෙමළ අනාථ කඳවුරක් වහල තියෙනවද කියලා. නැහැ! ඒකෙන් පේන්නේ ආණ්ඩුව දෙමළ ජනතාව ගැන හිතන්නේ නැහැ, දේශපාලනය ගැන විතරයි හිතන්නේ.’

වර්තමානයේ උතුරේ පවතින ආන්දෝලනාත්මක තත්වය සලකා බැලීමේදී උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණය නිවැරදි දැයි කළ විමසීමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය ‘නිවැරදි තීරණයක් යයි තමන් දැනටත් සිතන’ බවත් සඳහන් කළේය.

(බී.බී.සී – සංදේශය)

Related posts

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

UPDATE:කොස්ගම පිපිරීමෙන් 47ක් රෝහල්වලට – ආයුධ ප්‍රදේශය පුරා විසිරි ඇත

colombotoday

[Video] ආරක්ෂකයන් රොත්තක් පිරිවරා අගමැති ත්‍රීවීලරයකින් වීදි සංචාරයේ !

colombotoday

බස් රථයක් පාලමක ගැටී තිදෙනෙකු මරුට.. 16ක් රෝහලේ…

Admin

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මන්ත්‍රීකම විතරක් මදි… ෆොන්සේකා කෝට්ටේ එජාප ආසන සංවිධායකකමත් ඉල්ලයි!

colombotoday