Colombo Today Local News

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු සෙසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවය.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශයේ සියලු පාසල් හා රාජ්‍යාතන හෙට වැසේ

colombotoday

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday

කටුපොල් වගාව නතර කිරිමට කැබිනට් අනුමැතිය !

colombotoday