Colombo Today Local News

කුඩු බෙදන ගිලන් රථ රියදුරා පී.සී හපාකා පැන යයි

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී පලා ගොස් ඇතැයි මුරුන්කන් පොලිසිය කියයි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මුරුන්කන් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178 සහ මිලි 750ක් සමග අත්අඩංගුවට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මෙවැන්නක් සිදු කර පලා ගිය බව මන්නාරමේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.

Related posts

මැති ඇමතිලාට ගිනි අ-වි දස දහසක්

Admin

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

colombotoday

පැපුවා නිව් ගිනියාවේ ගෝත්‍රික ගැටුමේ නවතම තොරතුරු

Admin

කච්චතිව් ඉන්දියාවට?

Admin

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

(VIDEO) “සෝභිත හිමි ඝාතනය නොවූ බවට ඇතැම් අය තීන්දුවත් දීල ඉවරයි.. මේ ගැනත් ඇතිවන්නේ සැකයක්” – උඩුවේ හිමි

colombotoday