World

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි.

ඔවුන් පවසන්නේ, ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව වගකිව යුතු බවයි.

ඉන් පැය කිහිපයකට පසුව හමුදාව අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ, තම ජනතාව “සිය ජීවිත” වෙනුවෙන් සටන්කරන බවත් හමාස් සමග සටන “ජීවිතයත් මරණයත්”අතර සටනක් වී ඇති බවත් ය.

ඊශ්‍රායලය ට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන්ද තර්ජන එල්ලවී ඇති අතර හමාස් සහ හිස්බුල්ලා පාර්ශ්ව දෙකටම සහාය දක්වන බවට ඉරානයට චෝදනා එල්ලවෙයි.

මේ අතර ඊශ්‍රායලය සහ හමාස් අතර ඔක්තෝබර් 06 වනදා සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 6,000 ඉක්මවා ඇත.

Related posts

ප්‍රංශයේ නිරුවත් නගරයේ 150කට කොරෝනා වැලදෙයි

colombotoday

විද්‍යාඥයින් මවිත කරමින් අඟහරු ලොවෙන් මතු වූ බුදු රුව?

colombotoday

යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමයි

Admin

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin