Colombo Today Local News

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක්

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට සාමකාමී විසඳුමකට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලමින් පාර්ලිමේන්තුවේ අද (20)දින කල්තැබීමේ විවාදයක් පැවැත්වෙයි.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතායි.

ඒ අනුව, අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සමාගම් පනත හා මිනුම් ඒකක හා ප්‍රමිති සේවා පනත යටතේ නියෝග කිහිපයක් පිළිබඳ විවාදය කල් දමා තිබේ.

මේ අතර, ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් 17නා ආරක්ෂිතව ඊජිප්තුව වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත බෙනට් කුරේ මහතා පවසයි.

එම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බවට තහවුරු වී ඇති බව ඔහු සඳහන් කරයි.

Related posts

මහවිරු සැමරුමට සැරසෙද්දී සිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ට කරලා

colombotoday

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

මහින්ද අගමැති කිරීම නීති විරෝධීයි… තවදුරටත් අගමැති මමයි…

colombotoday

ජනාධිපතිවරයා ඉවත් කිරීමට විපක්ෂය පොදු යෝජනාවක් ගෙන ඒමේ සුදානමක… පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday