Colombo Today Local News

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

පසුගිය අවුරුදු කීපය ඇතුලත පොලිස් භාරයේ හිටපු පහළොස් දෙනෙක් මරා දමා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද(20)දින පැවසීය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම යුරෝපා මානව හිමිකම් කවුන්සිලයේ දීර්ඝව කතා කර තිබෙන බව කී කිරිඇල්ල මහතා මේ පොලිසිය ගැන ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේත් විශාල කලකිරීමක් තිබෙන බව සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා පැවසූවේ මේ වන විට දකුණු පළාතේ පොලිසියට විමර්ශන කටයුතු පවත්වන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙන බවයි. පොලිසියේ අයි.පී කෙනෙක් මරා දමා තිබෙන්නේ යැයිද දකුණේ ඉන්න බෑ කියමින් පොලිසියේ බොහෝ දෙනෙක් ස්ථාන මාරු ඉල්ලන අතර පොලිසියට ජීවිත තර්ජන කරමින් ඩුබායි සිට කෝල් එනවාලු “යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පිලිපීනයේ හිටපු ජනපති පාතාලයට කරපු දේ නිසා අද පිලිපීනය හැදී තිබෙන බව පැවැසූ රාජ්‍ය අමාත්‍යවරයා දකුණේ පුදුම භීෂණයක් තිබෙන බවත් ඒ වෙනුවෙන් කතා නොකරන්නැයි බවද පැවසීය.

Related posts

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

බස්නාහිර, සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

colombotoday

15 හැවිරිදි දැරියක මහල්ලන්ට විකුණූ මව සමග 4ක් අත්අඩංගුවේ

Admin

ලොකු ළුෑණු මිල ඉහළට

Admin

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය කොට උඩ?

Admin

කොරෝනා මරණ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

colombotoday