Colombo Today Local News

රුවන් විජයවර්ධන ප්‍රංශ තානාපති හමුවෙයි

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එච්.ඊ.ජීන් ෆ්‍රැන්සුවා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (18)දින පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීමට ප්‍රංශයේ සහාය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පවසයි.

බලශක්තිය, නාගරික සංවර්ධනය, කෘෂිකර්මය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රංශයේ දායකත්වය මෙන්ම සැපයුම්, ඩිජිටල් තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපකාර කිරීම සඳහා ප්‍රංශයට කළ හැකි දේ ගැනද එහිදී සාකච්ඡා කෙරුණු බව ද විජයවර්ධන මහතා කීය.

දෙරට අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා සිදුවී ඇත.

Related posts

රංගිරි දඹුළු රජමහා විහාරයේ අභිනව විහාරාධිපති අධ්‍යාපන ඇමති අකිල විරාජ් !!

colombotoday

රාජ්‍ය වියදම් කපන චක්‍රලේඛය මෙන්න

colombotoday

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 62ක් අත්අඩංගුවට

colombotoday