World

හමාස් සාමාජිකයන් සියලු දෙනාට මරණය බව ඊශ්‍රායල අගමැති ප්‍රතිඥා දෙයි

හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ.

‘හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්. ඔවුන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ වෙනසක් නැහැ. ලෝකය අයි.එස්. සංවිධානය විනාශ කළ ආකාරයට අපි හමාස් සංවිධානය විනාශ කරනවා. සියලුම හමාස් සාමාජිකයන්ට මැරෙන්න වෙනවා’ යැයි ඊශ්‍රායල රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ සඳහන් කර ඇත්තේ, විපක්ෂය සමඟ ද එක් වී නව ඒකීය රජයක් පිහිටුවීමෙන් පසුවය. හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ අවසානයක් දැකීමට නම් හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතු බව එම ඒකීය රජයේ විශ්වාසය වී තිබේ.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙම නව ඒකීය රජය පිහිටුවා ගෙන ඇත්තේ එක් විපක්ෂ නායකයකු වන බෙනී ගාන්ට්ස් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමිනි.

Related posts

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

colombotoday

කොවිඩ් මඬින බ්‍රිතාන්‍ය එන්නත මිනිසුන්ට අත්හදා බැලීම අද

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday

නයිජීරියාවට බොකෝ හරාම් ප්‍රහාරයක් – 30 ක් මරුට

colombotoday

අයර්ලන්තයට සයිබර් ප්‍රහාරයක් – රජයේ වෙබ් අඩවි කිහිපයක් අක්‍රිය වේ

colombotoday