Colombo Today Local News

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

මිනිසකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද රටේ මාධ්‍යවේදීන් ඉන්නේ බොහෝ දුෂ්කර ආර්ථික තත්ත්වයක බවද රූපවාහිනී වල මෙන්ම පත්තර කාර්යාල වල ලැබෙන දීමනා ප්‍රමාණවත් නැතැයි දිසානායක මහතා සඳහන් කළේය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැයශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

සමාජයට බොහෝ පණිවිඩයක් ගෙන යන මාධ්‍ය ආයතන වැසී ගියොත් තොරතුරු ගලායාමේ අන්ධකාරයක් ඇතිවෙන බව කී මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව ද පැවසීය.

මාධ්‍යවේදීන් වෙනුවෙන් විවිධ ආණ්ඩු නිවාස,සහන ණය,රක්ෂණ ආදී විවිධ වැඩසටහන් ආරම්භ කළ නමුත් ඒ සියල්ල නතර වී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

Related posts

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

colombotoday

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

Admin

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

colombotoday

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

colombotoday

පොහොය දින වෙඩි තබා බල්ලෙකු මැරූ විශ්‍රාමික ASP අත්අඩංගුවට

colombotoday