Colombo Today Local News

ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කරන්න ගිය අයෙක් අත්අඩංගුවට

ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුව තිරප්පනේ පොලීසිය විසින් ඊයේ (13) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් ප්‍රධාන සැකකරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් කුඹුක්වෙල, මීතොටුමුල්ල, කුරුන්දන්කුලම සහ බුත්පිටිය ප්‍රදේශවල පිරිසකි.

ඔවුන් භාවිත කළ ඩ්‍රෝන කැමරාව ද පොලීසියේ බාරයට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරුට පසුව ඇප ලබාදී තිබූ අතර ඩ්‍රෝන කැමරාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙඩිවැදී තුවාල ලබා සිටි අග්බෝ ට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ බාරයේ ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබුණි.

අග්බෝ මේ දිනවල තිරප්පනේ ප්‍රදේශයේ සැරි සරයි.

Related posts

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

colombotoday

කුකුළු මස් ආනයනයට අවසර දෙන්න තීරණයක්

Admin

පොඩි මැණිකේ පිලීපනී

Admin

තවත් කොරෝනා ආසාදිතයන් 87ක් හමුවේ

colombotoday

මංගල සමරවීර කළ ඉල්ලීම

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday