Colombo Today Local News

හෙරෝයින් කිලෝ 107ක් විනාශ කරයි

2019 වසරේ දී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබියදී අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතුවලින් පසු කොළඹ අධිකරණ භුමියෙ රදවා තිබු රුපියල් කෝටි 107ක වීදි වටිනාකමින් යුත් හෙරෝයින් කිලෝ 107ක් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා ඉදිරියේ පුත්තලම පාලවිය සිමේන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලවේදී අද (14)දින පුළුස්සා විනාශ කෙරිණි.

අදාල හෙරෝයින් තොගය සමඟ ඉරාන ජාතිකයින් හත් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් සම්බන්ධ අධිකරණ කටයුතු අවසන් වීමේන් පසු ඔවුන් සන්තකයෙ තිබු හෙරෝයින් තොගය මෙලෙස කොළඹ අධිකරණයේ රඳවා තබාගෙන ඇති අතර විශේෂ පොලිස්, පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ගේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන්ගේ විශේෂ අධික්ෂණයකින් සිමේන්ති කර්මාන්ත ශාලාව වෙත රැගෙන ගොස් අද විනාශ කර තිබේ.

මෙලෙස විනාශ කෙරුණු හෙරෝයින් තොගය රජයෙ රස පරික්ෂකවරිය ඉදිරියෙදි පරික්ෂාවට ලක්වු අතර හෙරෝයින් තොගය විනාශ කිරීමට පෙර රස පරික්ෂක දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් එහි සාම්පල පරික්ෂා කර පසුව ලිටර් 500ක ජල බහලුම් වල ජලය සමග දිය කර සෙල්සියල් අංශක 2300ක උෂ්ණත්වයකින් යුත්උදුන වෙත රැගෙන එහිදි විනාශ කිරීම සිදුවිනි.

අදාල හෙරෝයින් විනාශ කල පුත්තලම පාලවි සිමේන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.

මෙම අවස්ථාවට වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙ අධ්‍යක්ෂ එක්ව තිබු අතර හෙරෝයින් විනාශ කිරීමට අදාල පහසුකම් සැපයිම පුත්තලම සිමේන්ති කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය විසින් සිදු කර තිබුණි.

Related posts

බලහත්කාරයෙන් ඉඩමක් අත්පත් කර ගන්නා වීඩියෝව ගැන විමර්ශනයකට නීතිපති උපදෙස් දෙයි

colombotoday

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

colombotoday

පොහොට්ටුවේ කුරුණෑගල අපේක්‍ෂකයෙකු ජනපතිට-අගමැතිට අපහාස කරමින් මඩ පත‍්‍රිකා බෙදලා

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday