Colombo Today Local News

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශකවරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පාවසයි.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ වැල්ලම්පිටිය ශ්‍රී ආනන්දාරාම මාවත පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

එම පුද්ගලයා මිතුරන් කීපදෙනෙකු හමුවීම සඳහා උමගිලිය ක්‍රීඩාංගනය අසලට පැමිණ සිටියදී කොලොන්නාව දෙස සිට සුදු පැහැති ආරක්ෂක හිස් වැසුම් පැළඳ කළු පැහැති යතුරුපැදියකින්, කළු පැහැති ජැකට් පැළඳ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔහු ඉලක්කකර කළු පැහැති ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

Related posts

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම්… විසි එක අද සිට බලාත්මකයි

Admin

තව්හිද් ජමාත් දෙවන වටයේ ප්‍රහාරයට සූදානම්… ඉන්දියාව අනතුරු අගවයි…

colombotoday

මාධ්‍ය දඩයම වහා නවතනු

Admin

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි..

Admin

මහින්ද, ගෝඨාත් ජන බලයට එක්වෙයි… මහ ජන ගගකින් කොළඹ වීදි වැසී යයි…

colombotoday