රට බෙදීමට සූදානම් වන ඕනෑම අන්වාදියෙකුට නන්දිකඩාල්හී ප්රභාකරන්ට ලබාදුන් විසදුම ලබාදීමට තරම් සිංහල සමාජය තවමත් ශක්තිමත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
විග්නේෂ්වරන් නමැති බිල්ලා පෙන්වා සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සන්ධානය දකුණේ සිංහල ජනතාව රවටමින් සිටින බවත්, එමගින් ව්‍යවස්ථා සංශෝධනය හරහා ජාතිවාදී අරමුණු ඉටුකරගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ඕනෑම පළාතක පදිංචි වීමට ඕනෑම පුද්ගලයෙකුට අවසර ඇති බවත්, ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ විග්නේෂ්වරන්ට මූලික අයිතිවාසිකම් නීතිය අමතකවීම පිළිබදව කණගාටු වන බවද ගම්මන්පිල මහතා පැවසීය.
[fbvideo link=”https://www.facebook.com/sudu.putha.54/videos/1119574481463503/” width=”500″ height=”400″ onlyvideo=”1″]