Colombo Today Sports News

ධනුෂ්ක,කුසල්,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයකට

එංගලන්තයේදී විනය විරෝධීව හැසිරීමට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගි කරන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම තවම ඉවත් කර නොමැති බව ඈෂ්ලි ද සිල්වා මහතා කීය.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තිදෙනාට අන්තර් පළාත් තරගාවලියට සහභාගි වීමට අවසර ලැබී ඇති බව දැනගන්නට ඇති අතර මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසරක තහනමට අමතරව රුපියල් කෝටිය බැගින් කෝටි තුනක දඩයක් ද නියම කර තිබේ.

Related posts

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් තරඟයට සුදුසුකම් ලබයි

colombotoday

අපි බලාපොරොත්තු අතහැර නැහැ – ඇන්ජලෝ මැතිව්ස්

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

IPL තරගාවලියෙන් මාලිංග ඉවත් වෙයි

colombotoday

දඟ පන්දුයවන්නන් හමුවේ කොදෙවුවන් අසරණ වෙයි.. ශ්‍රී ලංකාවට ජයක්

colombotoday