Colombo Today Local News

ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා මේක දැන් උතුරු කොරියාව වගේ

ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා කැඳවා නඩු ගැන කතා කරන තත්වයක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට අත්වන ඉරණම කුමක්ද යන්න ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“නීතිපතිතුමාව කැඳවලා අනුර දිසානායක ජනාධිපතිතුමා. එතකොට මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව ගෙන්නලා ජනාධිපතිතුමාට කතා කරන්න පුළුවන් නම් මේ නඩුවලට මොනවද වෙලා තියෙන්නෙ, මේවාට නඩු පවරන්න කියලා, මම දන්නෙ නෑ මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය, මේවාට අත්වෙන ඉරණම මොකක්ද කියලා.

අලුත් චක්‍රලේඛයක් ගහලා තියෙනවා ජනාධිපති ලේකම්වරයා විසින් මේ ඇමතිවරුන්ට විදේශ තානාපති කෙනෙක් හම්බවෙන්න බෑ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන අමාත්‍යාංශවලට, ආණ්ඩුකාර ලේකම්වරුන්ට ඔක්කොටම ගහලා තියෙනවා. අමාත්‍යවරු කිසිම රැස්වීමකට සම්බන්ධ වෙන්න බෑ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයක් නැතිව. මේක උතුරු කොරියාව වගේ දැන්.”

Related posts

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

colombotoday

දවස් 50න් මැජික් පෙන්නන්න බෑ

Admin

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin

එන්නත් දෙකම නැත්නම් විවාහ උත්සවවලට එන්න දෙන්නේ නෑ

colombotoday

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

colombotoday