Colombo Today Local News

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

රිලා මස් කෑමට තරම් රටේ ජනතාව පහතට වැටි නොමැති බව කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,මහාචාර්යවරයෙක් යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කියනවා බ්‍රොයිලර් ගෙන්වන එක නතර කළොත් රිලවු, මොණර සහ දඩු ලේන් ගැටළුව විසදෙනවා කියලා;මේ මහචාර්යවරයාගේ උපාධිය මස් කඩෙන්ද කොහේදෝ අරගෙන තියෙන්නේ, මේ වගේ රටේ ජනතාවට උපහාසයක් අපහාසයක් මිට කලින් කලේ කෙහෙලිය රඹුක්වැල්ල, ඔහු කිව්වා රෝහල් ඉස්සරහ මිනි පෙට්ටි සාප්පු තියෙන්නේ ජනතාවට කියලා.

ඊට වඩා අපහාසයක් තමයි මේ මහචාර්ය වරයා කලේ ඔහු හිතන්නේ රටේ ජනතාවට මස් ටිකක් නැති වුණොත් රිලවු, මොණර දඩුලේන් මස් කන්න තරම් පෙරේතයෝ කියලා.අපි ඒ තරම් පහතට වැටුණු ජනතාවක්ද? ඒ තරම් බඩජාරිකමක් රටේ ජනතාවට නැ;මේ රජය පිහිටවන්න මමත් සහය දුන්න කෙනෙක්, රජයේ ඇතැම් මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ රටේ ජනතාවගේ හාස්‍යයට ලක් වෙලා තියෙනවා.ඒ නිසා ජනාධිපති සහෝදරයා මැදිහත් වෙලා මාධ්‍යට ප්‍රකාශයක් සිදු කරන්න ඉස්සෙල්ලවා ඒ පිලිබදව අධ්‍යනය කර ප්‍රකාශ සිදු කරන්න කියලා මැති ඇමතිවරුන්ට උපදෙස් දෙන්න යනුවෙන් පැවසිය.

Related posts

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ චෝදනා එල්ලවූ ඌව ප්‍රධාන ඇමතිට නැවතත් අධ්‍යාපනය බාර දෙයි

colombotoday

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

colombotoday

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

මහරගමත් හර්තාල්..’වැට් අඩු කරනු’ ව්‍යාපාරිකයෝ වෙළදසැල් වසා මහමග විරෝධයේ !

colombotoday