Colombo Today Local News

හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ගලවා අනුරගේ පින්තූරය පමණක් එල්ලයි

මේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සහිත බිත්තියයි. නිදහස් ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප මෑතක් වන තුරුම එහි අභිමානවත් ලෙස එහි ප්‍රදර්ශනය කර තිබිණි.

දැන් ඒ සියල්ල ගලවා දමා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව සහ රාජ්‍ය ලාංඡනය පමණක් එල්ලා ඇත. 1948 – 2024 යුගයේ සිටි සියලුම ජනාධිපතිවරුන් බිත්තියෙන් ක්ලීන් කර ඇත.

ජනාධිපති කාර්යාලය යනු “ශ්‍රී ලංකා රාජ්‍යය” මිස “දේශපාලන පක්ෂ කාර්යාලයක්” නෙවෙයි. මේ රට මෙච්චර කල් පාලනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් ය. රාජ්‍ය නායකයින් “ක්ලීන් කිරීම” හා “ඉතිහාසය මකා දැමීම” ට උත්සහ කිරීම, එකක් නොව දෙකක් බව අවබෝධ වේවා!

ඩී.එස්., ඩඩ්ලි, සර් ජෝන්, බණ්ඩාරනායක, දහනායක, සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල, ගෝඨාභය, රනිල් වගේම “අනුර කුමාර දිසානායකත්” එක පේළියේ ඉන්න පුළුවන් තරම් රටට වටිනවා. එතුමාව අවතක්සේරු කරලා හුදෙකලා කරන්න එපා!

රජිත් කීර්ති තෙන්නකෝන්

Related posts

ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට රට තල්ලු වෙමින් තියෙන්නේ…

colombotoday

ජාතික හැඳුනුම්පත් ගැන දැනුම්දීමක්

Admin

චීනයෙන් මිලියන 28ක ඖෂධ අද මෙරටට

colombotoday

“අලුත් සංවිධායකවරු පත්කිරීම අතීසාරයට අඹුඩ ගැසීමක්.. ශ්‍රීලනිපයට දෙයියන්ගෙම පිහිටයි” – දිලුම් අමුණුගම

colombotoday

“එජාපය සමග යහන්ගතවන අය ශ්‍රීලනිපය ගැන කිඹුල් කදුළු හෙළීම විහිළුවක්” – ප්‍රසන්න රණතුංග

colombotoday

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

colombotoday