Colombo Today Local News

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

පැවති ආණ්ඩු කාලවලදී මෙන් වර්තමාන ආණ්ඩුව යටතේ දේශපාලන හේතුන් මත ගුරු ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.

සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ එකම පාසලේ අවුරුදු දහයක සේවා කාලයක් සහිත ගුරුවරුන් ස්ථාන මාරු ලේඛන අනුව එම පාසල් ප්‍රධානීන්ට දැනුම් දීම් කර තිබෙන නමුත් ඇතැම් ගුරුවරුන් තවදුරටත් එම පාසල්ලම රැඳී සිටීමට උත්සාහ දරමින් ඇතැයි තොරතුරු ඇති බවයි.

මෙවන් ස්ථාන මාරු අත්හිටුවීමට පසුගිය ආණ්ඩු වලදී දේශපාලන බලපෑම් කළ බවත් මෙවරත් එවන් අවස්ථා වාර්තා වෙමින් තිබෙන බවත් හෙතෙම චෝදනා කරයි.

වසර දහයක සේවා කාලයක් ඇති ගුරුවරුන් හාරදාස් පන්සීයක් පන්දහසක් අතර පිරිසක් ස්ථාන මාරු කිරීමට ගුරු මාරු මණ්ඩලය නිර්දේශ කර තිබෙන නමුත් අනුප්‍රාප්තිකයන් නැතිවීම මත මෙම ස්ථාන මාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යංශය ගැටලුවකට ගැටලුකාරී තත්ත්වයකට මුහුණත් ඇත.

මීට පිලියමක් ලෙස ලේකම්වරයා පෙන්වා දෙන්නේ දුෂ්කර සේවයේ යෙදී නොමැති වයස අවුරුදු 45-50 අතර සියලු ගුරුවරුන් ස්ථාන මාරු කළ යුතු බවය.

Related posts

සිව්දින නිල සංචාරයකට ජනපති ජර්මනියට

Admin

සහරාන්ගේ නායකයා කවුද? බොදු බල සේනා හෙළිකරති

colombotoday

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට.

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

හොර ඡන්ද දැමීමේ තැතක්… නිල ඡන්ද පත්‍රිකා තොගයක් එජාප ආධාරකරුගේ නිවසින් හමුවේ

colombotoday