Colombo Today Local News

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමට අදාළව අත්අඩංගුවට‍ ගෙන රිමාන්ඩ් කළ බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර අදට වසරක් පිරීමත් හේතුවෙන් කොටුවේ දුම්රිය නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ.

බුද්ධි බලකා නිලධාරීන්ගේ පවුල් එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබුණු අතර අත්අඩංගුවේ පසුව බුද්ධි බළකා නිලධාරීන් 8 දෙනාගේ දරුවන් ඇතුළු පවුල්වල සාමාජිකයන් එයට එක්ව සිටියහ.

ගරු අගමැති මාමේ අපිට දුකයි, පාළුයි, අප්පච්චි ගෙදර එවන්න“ , “ මිනීමරු කොටින්ට නිදහස රණවිරුවන් සිරගෙට-මේකද යහපාලනේ“ , “ගරු අගමැතිතුමනි පවුල් 8 දරුවෝ 17 ස්වාමිපුරුෂයන් සිරගත කර වසරයි අපි කනහැටි ලිපා දනී“ යන වැකි ඇතුළත් ප්‍රදර්ශන පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළහ.

dfrteed-9 dfrteed-8 dfrteed-7 dfrteed-5 dfrteed-4 dfrteed-2 dfrteed-1

Related posts

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

උද්ඝෝෂණ මඩින්න පොලිසිය කැරලි මර්දන බඩු එකතු කරයි

Admin

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

colombotoday

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

ප්‍රේමලාල් නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

colombotoday

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday