අතුරු සම්මත ගිණුම මගින් වෙන් කරන සියලු මුදල් වියදම් කරන්නේ නැතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කරනු ලබන්නේ අයවැය දක්වා අවදානමක් ඇතිවේ යැයි සැක කරන ක්ෂේත්‍ර සඳහා බවද ඔහු කියා සිටී.
ඒ සියල්ල වියදම් කරන්නේ යැයි සිතාගෙන විවාද නොකරන බවද ඔහු පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වෙන් කරන ලද මුදලම මෙම අතුරු සම්මත ගිණුමෙන් ජනාධිපති අනුර දිසානායකට වෙන් කර ඇත්තේ යැයි මතයක් හැදුවත් ජනාධිපති අනුර දිසානායකට වෙන් කරන ලද මුදල් මහා භාණ්ඩාගාරයේ ඉතුරු වී ඇති බවද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.