Colombo Today Local News

නාඩු,සම්බා,කීරි සම්බා මිල යළි ඉහළට

සහල් මෝල් හිමියන් විසින් නාඩු, සම්බා සහ කීරි සම්බා සහල් තොග මිල වැඩි කර ඇති බව දිවයින පුරා සහල් තොග වෙලෙදුන් වෙත දැනුම් දි ඇත.

ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රු 255, සම්බා සහල් රු 260, කීරි සම්බා රු 275 දක්වා වැඩි කර ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ.

එම මිලට අවශ්‍ය සහල් තොග ප්‍රමාණයට මුදල් බැංකුගත කරන ලෙසට සහල් මෝලි හිමියන් විසින් වෙලෙදුන් වෙත උපදෙස් ලබා දි ඇත.

වෙලදපොලේ නාඩු සහල් කිලෝවක පාලන මිල වන රු 220, සම්බා රු 230, කීරි සම්බා රු 260 වන අතර, ඒ මිලට අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය චක්‍රලේකණ නිකුත් කර ඇත.

සහල් මෝල් හිමියන් වරින් වර සහල් මිල වැඩි කර ලබාදිම නිසා තමන්ට පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි බවයි සහල් තොග සහ සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.

Related posts

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

එජාප මංත්‍රී තිදෙනෙක් දිගටම සජිත්ට උදව් කරන්න මංගලගෙන් බාර් පර්මිට් ඉල්ලලා

colombotoday

කුලියාපිටියේ වෙඩි තැබීමක්

Admin

රිෂාද් බදියුදීන්ට එරෙහි විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

colombotoday

මද කිපුණු මහානාමයෝ පාසලේ නමත් කයි.. බාලිකාවකට බලෙන් පැන යකා නටයි (VIDEO)

colombotoday

එජාපය නැමැති දේවාලයෙන් ඉවත්ව ජනතාවාගේ ප්‍රශ්න විසඳන්න බෑ

colombotoday