Colombo Today Local News

සුදත්ත රූපවාහිනී සභාපතිධූරයට?

ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට තමන් පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යයතාවක් නැතැයි නිදහස් මාධ්‍යෙව්දී සුදත්ත තිලක්සිරි පවසයි.

තමා ජාතික රූපවාහිනී සභාපති ධුරයට පත්කොට ඇති බව තමන් ද දුටුවේ මිතුරන්ගේ සුබ පැතුම් නිසා බවයි, ඔහු සඳහන් කළේ.

ජනාධිපති අනුර දිසානායක ද මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ද වෙනත් කටයුතු සඳහා තමන් සමග දුරකතනයෙන් කතා කළ ද එවැනි තනතුරක් ගැන කතා නොකළ බව ද සුදත්ත තිලක්සිරි අවධාරණය කරයි.

ඇතැමුන් තමන් ස්වාධීන රූපවාහිනි සභාපති ධුරයට ද තනාපති ධුර සඳහා ද මන්ත්‍රි ධුර සඳහා ද යෝජනා කළ ද ඒ කිසිදු තනතුරක් තමන් භාර නොගන්නා බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 124ක් අත්අඩංගුවේ

colombotoday

රජෙක් වගේ සිටි ක්ලබ් වසන්තගේදේහය අස්සක සඟවයි

Admin

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

අර්ධ නිර්වින්දන එන්නත් 30,000ක් ආනයනය කරේ…

Admin