Colombo Today Local News

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බිරිඳගේ ප්‍රාඩෝ රථය උස්සලා

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙකු වන සැමියා තමාට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත් එය කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා යොදා ගන්නේ දැයි බලවත් සැකයක් පවතින බවත් සඳහන් කරමින් එම මන්ත්‍රීවරයාගේ නීතිඥ බිරිඳ පිලියන්දල පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වෙයි.

සිය මන්ත්‍රී සැමියා ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක සමග කාලයක් තිස්සේ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවත් අවස්ථා ගණනාවක අවවාද කළ ද ඔහු එම සබඳතාව නතර කර නොමැති බවත් එම පැමිණිල්ලෙහි වැඩි දුරටත් සඳහන් වන බව දැනගන්නට තිබේ.

එම අනියම් සබඳතාව නතර නොකළ නිසා තමන් සිය මවගේ නිවසට ගොස් නතර වී සිටින බවත් ඇය කළ පැමිණිල්ලේ වැඩි දුරරටත් සඳහන් වෙයි. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පිලියන්දල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

සතොසට පොල් අසූදාහක් ලැබිලා

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදි නිශාරා ජයරත්නගේ තනතුර අහෝසියි

colombotoday

කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයකදී රාජකාරිය පැහැර තනතුරෙන් පැන්නු නිලධාරියෙක්ට රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානී තනතුර

colombotoday

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක්

colombotoday