Colombo Today Local News

මනුවර්ණගෙන් රිලා යෝජනාවක්

මහනුවර දිස්ත්‍රික්කය පුරා ගම්වල (මහනුවර නගරය, තෙල්දෙණිය, ගලගෙදර, හාරිස්පත්තුව, මැදමහනුවර, වේරපිටිය, උඩදුම්බර කඩුගන්නාව, පිළිමතලාව) සැරිසරමින් පොල්, අඹ, පැපොල්, දූරියන්, මැංගුස්, එළවළු, මිරිස් වැනි වගා වලට හානිකරන රිළවුන් අල්ලා ජලාශ දූපත් වලට දැමීම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ සහ බී. එම්. බස්නායක යන දෙදෙනා කරන ලද යෝජනාවට ගොවීහු විරෝධය පළ කරති.

මෙම ජලාශ දූපත් වලට රිළවුන් අල්ලා ගෙනැවිත් දැමීමේ යෝජනාව අසාර්ථක බවත් එම රිළවුන් වික්ටෝරියා, රන්දෙණිගල ජලාශ අවට ගම්මාන වලට කඩා වැදීම නිරන්තරයෙන් සිදුවිය හැකි බවත් පෙන්වා දෙති.

රිළවුන්ගේ බෝවීම වළක්වාලීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය හා එක්ව රිළවුන් වඳ සැත්කමට (වද්‍යකරණයට) භාජනය කළ යුතුව තිබිය දී ප්‍රශ්නයෙන් බේරීම සඳහා රිළවුන් අල්ලා තම ගම්මාන පිහිටි ජලාශ දූපත් වලට දැමීම තවත් අර්බුදයකට හේතු වන බව ඔවුහු පවසති.

වික්ටෝරියා ජලාශය සහ රන්දෙණිගල ජලාශය අවට ගොවී ගම්මාන රැසක් මෙන්ම ජනතාව බහුලව පදිංචි වී සිටින ජනාවාස රැසක් තිබෙන බවත්, එම ජලාශ වල ජලය සිඳී ගිය පසු ජලාශ දූපත්වල රඳවන සියලුම රිළවුන් ග වදින බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මෙම රිළා අර්බුදයට ස්ථිර විසඳුමක් නොදී මාලිමා ආණ්ඩුවේ තමන් ඡන්දය ලබා දී පාර්ලිමේන්තුවට යැවූ මන්ත්‍රීවරු, ජනතා විරෝධය නොතකා රිළා ප්‍රශ්නයට තාවකාලික විසඳුම් නොදී, ගොවි සංවිධාන සමග ද සාකච්ඡා කර වගාවන්ට හානි කරන රිළවුන් අල්ලා වඳ සැත්කම් වලට භාජන කළ යුතු බව පවසති

– ජේ.ඒ.එල්. ජයසිංහ

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා – ඇමති සරත් වීරසේකර කියයි

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

“පිරිසක් රට අස්ථාවර කර බලයට එන්න හදනවා. මොනව කළත් යහපාලනය පෙරළනව බොරු” – ඇමති සුජීව

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday

විදුලි බිල්පත් නිකුත් කිරීම නවතී… බිල දෙන්න අලුත් ක්‍රම 3ක්

colombotoday