Colombo Today Local News

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

රටේ ඇති විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුවට චෝදනා නොකරන බවත් විපක්ෂය පාර්ලිමේන්තුවේ කෝළම් නටමින් සිටින නමුත් එය අභියෝගයක් නොවන බවත් සභානායක, ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“මොනවද තියෙන අභියෝග ? අර පාර්ලිමේන්තුවේ දැන් නටන කෝළම්ද ? රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, චන්ද්‍රිකාලා හිතනවා ඒගොල්ලො වගේ තමා අපිත් කියලා. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ

පොල් ගහක් හිටවලා පොල් ගන්න කොච්චර කල් යනවාද ? මිනිස්සුන්ට පිස්සු නෑ. මිනිස්සුන්ට අමාරුයි, ඒක ඇත්ත. හැබැයි මිනිස්සුන්ට පිස්සු නෑ.

රිලවුන්ගෙ ප්‍රශ්නෙ තිබෙනවා, කෘෂිකර්මාන්තෙ ප්‍රශ්න තිබෙනවා. හැබැයි මම හිතනවා මෙහෙම එකක්. මහින්දලාත් එක්ක, සජිත්ලාත් එක්ක, රනිල්ලාත් එක්ක අවුරුදු 76ක් ඉන්න පුළුවන් නම් රිලව්ද ප්‍රශ්නෙ මෙයා? ඒ මිනිස්සුන්ට රිලව් එක්ක තව මාස හය හතක් ඉන්න එක අමාරු නැතිවෙයි.”

Related posts

රටේ වැඩිපුර ඇති කලුගල් අපනයනය කරන්න සූදානම්

Admin

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශේෂ ගුවන් යානයකින් ඊයේ ඇවිත්

colombotoday

20-30%කින් විදුලි බිල අඩු කරන්න කියයි

Admin

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සිට

Admin

“වසත් සිරිය 2023” අප්‍රේල් 22 වන දා ගාලු මුවදොර හරිත භූමියේ දී

Admin

රවීට එරෙහිව මෝසමක්

Admin