Colombo Today Local News

පාර්ලිමේන්තු සේවකයන් සී.අයි.ඩී ගෙන්වා බිය කිරීමේ සූදානමක්

රජය මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය පිළිබඳව පාර්ලිමේන්තු වෙබ් අඩවියට මෙන්ම පාර්ලිමේන්තු මාලේකම්වරියට චෝදනා කරමින් සිටින බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු සේවකයන් රහස් පොලීසියට ගෙන්වා ප්‍රශ්න කර බිය ගැන්වීමේ උත්සාහයක්ද පවතින බවටද ඒ මහතා චෝදනා කළේය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පළ කරන ලදී.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට චෝදනා කරන්න දැන් පටන් අරන් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය තමයි මේ සියල්ලටම වගකිවයුතු ඇය කුමන්ත්‍රණ කරනවා. ඇයගේ සැමියා හරිගුප්ත රෝහණදීර මහත්තයා ගෝඨාභයගේ නීති උපදේශක.

ඒ නිසා තමයි මේ ඔක්කොම රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ වගේ ඒවා කියාගෙන එනවා. පාර්ලිමේන්තු මහලේකම්තුමිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරීතුමිය හැටියට තමන්ගේ වගකීම් ඉටු කරන්නේ නැත්නම් ඒක කියන්න. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ප්‍රශ්නයක් නම් ඒක සීඅයිඩියට කියන්න යන්න එපා. ඒක කියන්න පාර්ලිමේන්තු මහලේකම්තුමියට. ඇයි මේ සීඅයිඩියට කියන්නේ?

පාර්ලිමේන්තුවේ සේවකයෝ ටික සීඅයිඩියට ගෙනල්ලා අර සෝවියට් සංගමයේ තිබුණු චෙකා පොලීසිය වගේ දේශපාලන පොලිසියක් බවට සී අයි ඩී ය පත් කරගෙන පාර්ලිමේන්තු සේවකයෝ බිය ගන්වන්න මේ හදන්නේ. යටි අරමුණ ඒකයි.

අපිටත් ඔය වගේ ප්‍රශ්න පැන නැගුනාම අපි කෙලින්ම කතානායකතුමාට දැනුම් දීලා, පාර්ලිමේන්තු මහ ලේකම්තුමියට දැනුම් දීලා කටයුතු කරලා තියෙනවා. ඕක කරන්න අපි ගොඩක් මහන්සි වුණා ඒ අදාළ අයත් එක්ක. ඇත්තටම විශාල කැපකිරීමකින් පාර්ලිමේන්තුවේ අයි.ටී. එක කටයුතු කරලා තියෙනවා.”

Related posts

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday

සුමංගල හිමි ඥාණසාර හිමි සමග උසාවි යයි.. රංජිත් කීර්ති දූෂණ විරෝධයෙන් ඉවත්වෙයි !

colombotoday

සිරගත කොටින්ගේ මානව හිමිකම් කඩවුණාදැයි බලන්න ගිය UN නියෝජිතයෝ හොරෙන්ම කට උත්තරත් අරන් !

colombotoday

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

Admin

05 වැනි යුක්‍රේන කණ්ඩායමත් අද දිවයිනට

colombotoday

ගෝඨාභය දැනටමත් දිනලා ඉවරයි. ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ට අම්බානකට කන්න වෙනවා

colombotoday