Colombo Today Local News

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඉදිරියේදී රෝගියෙක් වශයෙන් හැර වෙනත් කිසිදු හේතුවක් මත යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වීමට අවසර නොමැති බවට යාපනය ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක කාර්යාලය මගින් දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයාට ඒරෙහිව යාපනය අධිකරණයේදී ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටි මන්ත්‍රී රාමනාදන් අරුචුනාට රුපියල් ලක්ෂයක ශරීර ඇප ඊයේ (16) දින නියම වූ අතර නඩුව එලඹෙන වසරේ (2025) පෙබරවරී 07 වනදාට කල් තැබීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහල මගින් මේ බව දැනුම් දී ඇත.

එමෙන්ම යපනය අධිකරණය මගින් අර්චුනා මන්ත්‍රීවරයාට යපනය ශික්ෂණ රේහලට අවසරයකින් තොරව ඇතුල් වීමට නොහැකි බවටද ඇතුල් වන්නේනම් රෝහල් පාලනාධිකාරියෙන් අවසරයක් ලබාගත යුතු බවටද නියෝග කොට තිබුණි.

Related posts

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

colombotoday

නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය ! පනත ලෑස්තියි…

colombotoday

සජබයේ ලොකු වෙනසක්

Admin

ඉල්ලා අස්වූ ඇමතිවරුන් තිදෙනෙකුගේ අමාත්‍යංශ සඳහා වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ

colombotoday

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday