Colombo Today Local News

තව අවුරුද්දකින් ගෑස් සිලින්ඩරේට රට බාරගන්න වෙනවා

අනුර දිසානායක ණයට ගෙන සහ මුදල් මුද්‍රණය කර ගමට කන්න දෙන පැරණි ක්‍රමයට යළි අවතීර්ණ වී ඇති බවත් මේ ආකාරයටම ඉදිරියටත් කටයුතු කළහොත් යළිත් රට ආර්ථික වශයෙන් කඩාවැටී බරපතළ අර්බුදයකට ගමන් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනුරාධ ජයරත්න මහතා පවසයි.

යළිත් මේ රට කඩා වැටුණහොත් රටේ පෝලිම් යුගයක් ඇති වීම අනිවාර්ය වන බව ද ඔහු පෙන්වා දෙයි.

රට එතැනට වැටෙන්නට පෙර ආරක්ෂා කර ගැනීමට නම් නොවැම්බර් 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරයක් පාර්ලිමේන්තු යවා ගෞරවනීය විපක්ෂයක් වෙනුවෙන් ශක්තිය එක්කළ යුතු බව ද අවධාරණය කරයි.

අනුර දිසානායක ආණ්ඩු කරන ආකාරය අනුව තවත් වසර එකහාමාරක් යන තැන මෙරට පාලනය බාරගැනීමට ගෑස් සිලින්ඩරය කණ්ඩායමට සිදුවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

පොහොට්ටු සන්ධානයෙන් භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නෑ !

colombotoday

මාසෙකට ලක්ෂ 24ක් ලාබ ලැබූ වඩේ බිස්නස් එක වැහුනේ ගෝඨා නිසා – නිරෝෂන්

colombotoday

හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

සිඟමන් යදින මව බාරගන්නොගත් පුතාට නඩු

colombotoday

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin

තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට සැලසුම්.

colombotoday