Colombo Today Local News

අනුර අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස මෙන්න

මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි.

තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක හමාරක කාලයක් ගතවුවත් තමන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු බහුල වශයෙන් සංසරණය නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස මහ බැංකුව වසරකට පමණ අවශ්‍ය වන මුදල් නෝට්ටු අච්චු ගසා ගබඩා කරගෙන තබාගෙන සිටිනා බවද හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් වත්මන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුරු දිසානායක මහතාගේ අත්සන සහිත මුදල් නෝට්ටු සංසරණය වන කාලයක් සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් තමන්ට ප්‍රකාශ කල නොහැකි බවද හෙතෙම කියා සදහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday

බැදුම්කර වංචාවට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අත්අඩංගුවට

colombotoday

ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පතිනිය අල්ලස් දැලේ

colombotoday

ITN පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්…කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

colombotoday

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

colombotoday

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

colombotoday