Colombo Today Local News

ජනාධිපතිවරුන්ගේ හා මන්ත්‍රිලාගේ වරප්‍රසාද කැපෙන්නේ මෙහෙමයි

වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර වේදිකාවේ ජනාතාවට ලබා දුන් ආකර්ශනීය පොරොන්දුවක් ලෙස ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරදාන වරප්‍රසාද කප්පාදුව පෙන්වා දිය හැක.මේ මොහොත වන විට ජාතික ජන බලවේග ආණ්ඩුවට ජනතාව මන්ත්‍රීවරුන් 159ක අධි බහුතරයක් ලබාදී තිබේ.දැන් ජනතාව තමන්ගේ වගකීම ඉටුකොට අවසන් බව පැහැදිලිය.දැන් තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ජනාධිපති අනුර දිසානායක මහතා වේදිකාවේ ලබාදුන් පොරොන්දු සහ ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන කාලයයි.එය කෙසේ සිදුවන්නේද යන්න ජනතාව ඉතා වුවමනාවෙන් බලා සිටී.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මොනවාද ඒවායේ නිතියානුකුල භාවය කුමක්ද ? ඒවා අහෝසි කල හැක්කේ කෙසේද යන්න පිලිබදව ජනතාව අතර කතා බහක් ඇතිවී තිබේ.අපි ඒ පිලිබදව කෙටියෙන් විමසා බලමු.විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වන වරප්‍රසාද පිළිබඳව 1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ දක්වා තිබේ.මේ පනත මගින් ජනාධිපතිවරයාගේ ධූරය අවසන් වීමෙන් පසුව හෝ ඔහු මිය ගිය පසු ඔහුගේ වැන්දඹුවට හිමි වන වරප්‍රසාද හා පහසුකම් මොනව ද යන්න පැහැදිලිව දක්වා තිබේ.ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසුව ඔහුට දීමනාවක් හිමි වෙනවා. ඊට අමතරව වාසය කිරීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතු බවත් පනතේ සඳහන් වී තිබේ.එසේ නිවසක් ලබා නොදෙන්නේ නම් ඔහු ලබන දීමනාවෙන් තුනෙන් එකක් කුලිය වශයෙන් ලබා දිය යුතු බවද එහි වැඩිදුරටත් සදහන් වේ.ඊට අමතරව ඔහුට ලේකම්වරයෙක් හිමිවිය යුතු බවද එහි සදහන් කොට තිබේ.ඔවුන්ට ලබාදිය යුතු ආරක්ෂාව එහි ප්‍රමාණය අවි ආයුධ සංඛ්‍යාව හෝ ඔවුන්ට ලබාදිය යුතු කෝකියන් සංඛ්‍යාව පිලිබදව එහි නිශ්චිතව සදහන් කොට නැත.ඒ ඒ කාලයන්වලදී ඒ ඒ ජනාධිපතිවරයාට පවතින තර්ජනවල ප්‍රමාණය අනුව කොතරම් ආරක්ෂාවක් ලබාදිය යුතුද යන්න ආරක්ෂක අමාත්‍යංශය හෝ ආරක්ෂක මණ්ඩලය විසින් තීරණය කරනු ඇත.ගිලන් රථ ලබාදීමක් සම්බන්දයෙන්ද එකී පනතේ සදහනක් නැත.ඒවා කලින් කලට පත්වන ආණ්ඩු විසින් කැබිනට් මණ්ඩලය හරහා ගත් තීන්දු තීරණ මගින් ලබා දී තිබේ.ඒ සියල්ල වර්තමාන ආණ්ඩුවට සාමාන්‍ය ක්‍රමවේදයන් හරහා ඉවත්කළ හැකිය.1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ ලබාදී ඇති වරප්‍රසාද පමණක් ඉවත් කිරීමට නිසි නිතියානුකුල ක්‍රමවේද අනුගමය කල යුතුව තිබේ.එසේ කිරීමේදී අගතියට පත්වන පාර්ෂවවලට අධිකරණයට යාමේ හැකියාවක් පවතින බව නීති විශාරදයන් පෙන්වා දේ.

“පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මොනවා දැයි පැහැදිලි කර තිබෙනවා.වඩාත්ම විවාද සම්පන්න මාතෘකාව බවට පත්ව ඇත්තේ  මෙයයි.පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද වරප්‍රසාද ජනතාවගේ වෛරයට හා කෝපයට හේතු වූ බව ඔබ දනී.අරගල සමයේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් දොරවල් ගිනිබත් කිරීමට පවා මෙය හේතුවක් වූ බව රහසක් නොවේ.එක් මන්ත්‍රීවරයෙක් අරගලකරුවන්ගේ පහරදීමෙන් මරණයට පවා පත්විය.මේ හේතු නිසාම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදුකල යුතු බවට මහජනයා අතර මතයක් නිර්මාණය විය.1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම දීමනා පිළිබඳ පනත යටතේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුවක් රැස්වී වසර පහක කාලයක් සම්පූර්ණ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් හිමිවන බව එහි දක්වා තිබේ.”මේ පනත තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි දීමනා පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.නමුත් මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතු ආරක්ෂාවේ ප්‍රමාණය,තීරු බදු රහිත මෝටර් රථ,නිදහස් තැපැල් ගාස්තු,රැස්වීම් දීමනා,කාර්යාල පවත්වාගෙන යාමේ දීමනා යනාදිය සම්බන්දයෙන් එකී පනත්වල සදහන් නොවේ.ඒ සියල්ල කලින්කලට පත්වූ ආණ්ඩු විසින් ගන්නා ලද තීන්දු මිස පාර්ලිමේන්තු පනතකින් ලබාදී ඇති දේවල් නොවේ.එකී සියල්ල සාමන්‍ය ක්‍රමවේදයන් අනුගමනය කොට අහෝසි කල හැකිය.

මීට අමතරව 1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතට රජය  සංශෝධන එක් කරන්නේ නම් හෝ අහෝසි කරන්නේ නම් එය පාර්ලිමේන්තුව හරහා සිදුකල යුතුව තිබේ.ඒ අවස්තාවන්වලදී සාමානයෙන් සරල බහුතරයකින් ඒවා සිදු කිරීමට හැකියාව ඇති බව නීති ප්‍රවීනයන් පෙන්වා දෙන අතර ඊට එරෙහිව යම් පුරවැසියෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය.එහිදී අධිකරණය විසින් ඒ පිලිබදව මතය කතානායක වෙත දැනුම් දීමෙන් අනතුරුව අදාළ කාර්ය පටිපාටිය අනුගමනය කිරීමෙන් එයද අනුමත කල හැකිවේ.

වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3ක සහ ඊටත් වැඩි බහුතරයක් ජනතාව විසින් ලබාදී ඇති තත්වයක් තුල මේ කිසිවක් ගැටළු නොවේ.මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේ පිලිබදව සොයා බලා වාර්තාවක් සකස් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කර තිබේ.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත්කොට ඇති මෙම කමිටුව ඉදිර්යේදී එකී වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතය.ඉන් අනතුරුව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව පැවසේ

කිර්ති දුනුවිල

Related posts

අනවසර ගබ්සා පෙති 16.930 ක් කටුනායකදී අත්අඩංගුවට !

colombotoday

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

Admin

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

මේක ඔිනැකමින් කල කූඨ වෑයමක්… ශ්‍රී ලංකාවේ රදවාගත් රුසියාවේ ගුවන් යානය ගැන හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර සිදුකල විශේෂ ප්‍රකාශය…

colombotoday

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වීම ගැන බලධාරීන්ගේ අවධානය නැහැ – දුම්රිය ස්ථානාධිපතිවරු කියයි

colombotoday

දළදා කරඬුව වැඩමවන්නත් ඇතුන් නැතිවෙයි.. පින්නවල අලින්ට පෙරහැරේ ගමන් බෑ – දියවඩන නිළමේ

colombotoday