Colombo Today Local News

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (21) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් ජනතාවට ලබා දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම නව රජයේ ආර්ථික ප්‍රත්පත්තිය සහ අයි.එමි.එෆ් සම්බන්ධයෙන්ද දැඩි විමසිල්ලෙන් යුතුව බලා සිටින බවයි ඒ මහතා කියා සිටියේ.
අද (20) අනුරාධපුරයට පැමිණ ජය ශ්‍රී මහබෝධින් වහන්සේ හා රුවන්වැලිසෑය වැද පුදාා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැහැදිලි ජනමතයක් ලැබි තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කළේ, කුමන පුද්ගලයා මෙරට පාලනය කළද අවසානයේ සිදුවිය යුත්තේ මේ රට සංවර්ධනය කරා රැගෙන යාම පමණක් බවයි.
මේ එහිදී වැඩිදුරටත් අදහස් පළකල නාමල් රාජපක්ෂ මහතා,

“මේ රට ඉදිරියට යා යුතුයි ඒ සම්බන්ධයෙන් වත්මන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි වඩා සැලකිල්ලෙන් බලා ඉන්නවා.. ඒ සියල්ල ජනතා හිතවාදි විය යුතුයි.. ජනතාවට එරෙහිව සිදුවන කිසිම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අපි නිහඬව ඉන්නේ නෑ.. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළදීත්, ඉන් පිටතදීත් අපි අවශ්‍ය කටයුතු සිදු කරනවා.. එදා ජනතා විමුක්ති පෙරමුණ කළා වගේ කඩාකප්පල්කාරී වැඩ අපි කවදාවත් කරන්නේ නෑ.. මේ පාර්ලිමේන්තුව ජනාධිපතිගේවත්, මගේවත්, මහින්ද රාජපක්ෂගෙවත්, හේෂාගෙවත් නෙවෙයි.. මේක පොදු ජනතාවගේ උත්තරීතර පාර්ලිමේන්තුව.. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් එදා ඉඳන් පැවතුණා.. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ වැටුණොත් ඒක ප්‍රබල ගැටළුවක් බවට පත්වෙන්න පුළුවන්.. එතුමන්ලා පාර්ලිමේන්තුවේදී පසුගිය කාලේ කෑ ගැහුවා පොහොර සහනාධාරය ගැන.. හැබැයි දැන් ඒ අයට කලට වෙලාවට පොහොර ටික දෙන්න බැරිවෙලා.. කරුණාකරලා, ගොවීන්ට අවශ්‍ය පොහොර ටික නිසි වෙලාවට දෙන්න.. රටක ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි.. ඒ නිසා අපි අපේ පක්ෂයේ ප්‍රතිපත්ති තුළ ඉඳිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා.. අපේ පක්ෂයත් අපේ සාමාජිකයනුත් අවස්ථාවාදයට කිසිම අවස්ථාවක ප්‍රතිපත්ති වෙනස් කරලා නෑ.. අපි ඒ සියලු ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් සුරකිමින් ඉදිරියටත් යනවා.. ආණ්ඩුවේ යහපත් දෙයට අපි කිසිසේත් අකුල් හෙලන්නේ නෑ.. අපි ඒ සඳහා සහයෝගය දිය යුතුයි.. ඒ රට වෙනුවෙන් ඒක කරන්න ඕනේ.. හැබැයි අපි පාර්ලිමේන්තුවේ ප්‍රබල විපක්ෂයක් වශයෙන් කටයුතු කරනවා.. අපි දන්නවා ඉතිහාසයේ පාර්ලිමේන්තු විපක්‍යෂ කටයුතු කළේ කොහොමද කියලා.. ඒවා ආණ්ඩුවෙි විපක්ෂ බවට පත්වෙලා තිබුණා.. නමුත් අපි මෙවර පැහැදිලිව විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරනවා.. ඉදිරියේදී පැවැත්වෙන සියලු මැතිවරණවලට අපි ඉතා මනා ලෙස සංවිධානය වී සෑම මැතිවරණයක් සදහම තරග කරනවා..

Related posts

නීතිඥ සංගමයේ ලේකම්ගේ පියාට අල්ලස් චෝදනා

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

colombotoday

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday