Colombo Today Local News

මැතිවරණ පෝළිමක්

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ.

කෙසේ වුව ද පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වන විට දේශපාලනය අත්හැර ඇති අතර, ඇතැමුහු රැකියා සඳහා විදෙස්ගතව සිටිති. ඇතැම් අපේක්ෂකයන් මියගොස් ඇත. මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විට නොමැති බව ද අනාවරණය වේ.

මෙවැනි තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා යළි කැඳවන්නේ නම් එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතු වේ. ඒ සම්බන්ධව ද රජයේ අවධානය යොමුවී ඇතැයි පැවසේ.

කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබේ. එයින් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.

Related posts

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

colombotoday

යුරෝපීය වාහන එකලස් කරන්න කුලියාපිටිය සූදානම්.. කම්හලට අද මුල්ගල තැබෙයි

colombotoday

ජාතික තව්හීත් ජමාත් කල්ලියේ සාමාජිකයෙක් කටුනායකින් අත්අඩංගුවට

colombotoday

හොරට ගෙනා කරුංකා කන්ටේනර් 100ක් ප්‍රබල ඇමති රේගුවෙන් පන්නයි

colombotoday

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

colombotoday