Colombo Today Local News

කොට්ටහච්චිට උගන්ඩාව පාරාවලල්ලක් වෙයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ නීතීඥවරියක් වන නිලන්ති කොට්ටහච්චි සිදුකළා යැයි කියන සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ හර්ෂ එරංග ජනමාධ්‍ය හමුවේ මෙසේ ප්‍රකාශ කළේය.”පහුගිය ජනාධිපතිවරණයේ දී මතුකළ ප්‍රධාන කරුණක් වූයේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් සොරකම් කර විදේශ රටවල ආයෝජනය කර තිබෙන බවයි. නීතීඥවරියක් වන නිලන්ති කොට්ටහච්චි මහත්මිය, අපේ රටේ මුදල් උගන්ඩාවේ සඟවා තිබෙන බවත් මැතිවරණයෙන් පසු ඒ මුදල් නැවත ලබාගන්නා බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.

පහුගිය කාලයේ අපේ රටේ ජනතාව තෙල් නැතුව, ගෑස් නැතුව අසරණ වුණේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් උගන්ඩාවට ගිහින් ආයෝජනය කරපු නිසා කියලා මතයක් ඇති වුණා.

නමුත් එවැනි දෙයක් සිදු නොවූ බවත්, නීත්‍යානුකුලව අපේ රටේ සමාගමක් විසින් එම මුදල් රැගෙන ගිය බව එතුමියම මැතිවරණයෙන් පසුව ප්‍රකාශ කළා.මේ තුළින් පක්ෂයක්‌ ලෙස අපි විශාල ලෙස අසරණභාවයකට පත්වුණා. රට ආරක්ෂා කළ, රටට සෞභාග්‍යය උදාකළ නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින්, එතුමාගේ දේශපාලන දර්ශනය විනාශ කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි එය සලකනවා.

නීතිඥවරුන් ඇත්ත කියන, අසාධාරණය වෙනුවෙන් පෙනීසිටින පිරිසක් ලෙස ජනතාව විශ්වාස කරනවා. නමුත් මෙතුමිය නීතිඥවරියක් ලෙස ඇත්ත වෙනුවට බොරුව සමාජගත කර සමාජය තුළ වෛරය වැපිරූ බව අපි විශ්වාස කරනවා.එතුමිය මෙම වෘත්තීය අවභාවිතා කරමින් සිදුකරන ලද හානිය වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අප ඉල්ලා සිටියා.

තව දුරටත් මේ රට තුළ බොරුව වංචාව සමාජගත කිරීමට එරෙහිව ගරු අධිකරණය අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව අපි විශ්වාස කරනවා.”

Related posts

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

බස් ගාස්තු අඩුවෙයි

colombotoday

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

colombotoday

නිදහස් දා ඤාණසාර හිමියන් නිදහස් කරාවි – ශාන්ත බණ්ඩාර

colombotoday

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

colombotoday