Colombo Today Local News

රට පටවපු පොල්

මෙම වර්ෂයේ අගෝස්තු මාසයේදී පොල් ගෙඩි මිලියන 74.4ක් අපනයනය කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.

පොල් අපනයනය කිරීමෙන් අගෝස්තු මාසයේ උපයාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 42.6ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.2023 වසරේ අගෝස්තුවේ පොල්ගෙඩි මිලියන 63.5ක් අපනයනය කොට තිබූ අතර එය 2024 වර්ෂයේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 17.2ක වැඩිවීමකි.2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පොල් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 31.8ක ආදායමක් උපයාගෙන ඇත.

එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ පොල් ගෙඩි මිලියන 296.1 ක් නිෂ්පාදනය කොට ඇත.2023 වර්ෂයේ අගෝස්තු මාසයේ නිෂ්පාදනය කොට ඇති පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 275.9 කි.– ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

Related posts

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අවිහිංසාවෙන් බැට දෙති !

colombotoday

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday

උද්දමනය පහලට

Admin

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday