Colombo Today Local News

සතොස නඩුවෙන් ජොනීට ඇප

අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ නඩුව කැඳවා තිබුණි.ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවය.

කෙසේ වෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කළේය. ඒ අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කළේය. ඉන් අනතුරුව නඩුවේ විභාගය ජනවාරි මස 27 වනදාට කල් තැබුණි.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

තාජුඩීන් නඩුවේ වෛද්‍ය සමරසේකර අත්අඩංගුවට ගැනීමේ නියෝගය වලක්වයි

colombotoday

“මට විදේශ ඇමතිකම ඕන, මුදල් ඇමතිකම එපා.. ඒක ඔයා ගන්න“ – මංගල මලික්ට කියලා

colombotoday

මාධ්‍ය නිදහස උපරිමයි ! මැදපෙරදිග වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කරයි

colombotoday

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday