Colombo Today Local News

ඉදිරි වසර කිහිපය තුල විදුලි බිල දැනෙන්න අඩු කරනවා

වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව වෙනම තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙන බවත් ඩිජිටල්කරණයට අදාළ මැදිහත් වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබා දීමට ද මෙහිදී එකඟ විය.

රක්ෂණ ,බැංකු, ඉදිකිරීම්, සංචාරක, වැවිලි කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගැටලු හා අනාගත ඉලක්ක පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි .

රටේ ආර්ථිකය ගොඩනඟමින් ඊට අනුරූපව ජනතාවට බදු සහන ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

විදුලිය සහ බලශක්තිය ක්ෂේත්‍ර පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බලශක්ති ස්වාධිපත්‍යට ප්‍රමුඛතාව ලබා දෙන බවද නව විදුලි බල පනතක් සකස් කිරීමේදී බලශක්ති ස්වාධිපත්‍ය ගොඩනඟන දිශාවට අවශ්‍ය කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

අකාර්යක්ෂමතාව, සේවක කළමනාකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි අවුරුදු කිහිපය තුළ විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අපනයන කර්මාන්තය දියුණු කිරීම සහ ජාත්‍යන්තර නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම තානාපති සේවයෙහි ප්‍රමඛ කාර්යක් බවත් ඒ සඳහා හැකියාව පවතින දක්ෂ නිලධාරීන් තානාපති සේවයට පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති, GSH සිටි හොටෙල් හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී දීපාල් නෙල්සන්, ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම්, රීජන් රිනීවර්බල්ස් ප්‍රයිවර්ට් ලිමිටඩ් හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ලක්මාල් ප්‍රනාන්දු, සීමාසහිත සෙලින්කෝ ජෙනරල් රක්ෂණ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ

පැට්‍රික් අල්විස්, පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Related posts

මුහුණු පොතෙන් හමු වූ අනියම් සැමියාට හත් හැවිරිදි දියණිය අපයෝජනයට දීලා

Admin

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

Admin

මැති ඇමති පිරිසකට දරුණු මානසික රෝගයක්… රනිල්, මහින්ද ඒ ගැන රහස් සාකච්ඡාවක්

colombotoday

කුලියාපිටියෙනුත් බෝම්බ පාර්සලයක් හමුවෙයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට

colombotoday